ගෝලීය Speedtest Index හි Mobile Data Speed එකෙන් ශ්‍රි ලංකාව 102 ස්ථානයට.

 ගෝලීය Speedtest Index හි Mobile Data Speed එකෙන් ශ්‍රි ලංකාව 102 ස්ථානයට .



සුප්‍රසිද්ධ Ookla සමාගමේ වාර්තා අනුව, 2020 සැප්තැම්බර් මාසය වන විට ලොව mobile data speed ලැයිස්තුවේ 102 වන ස්තානයට ශ්‍රි ලංකාව පත්වී ඇති අතර, මීට පෙර එය 101 වැනි ස්ථානයෙහි රැදී තිබුණි.

එමෙන්ම අසල්වාසි ඉන්දියාව 2019 වසරේ mobile data speed ලැයිස්තුවේ රැදී  සිටි ස්ථානයට වඩා ස්ථාන දෙකක් පහලට වැටී තිබෙනවා.

එනම් 2020 සැප්තැම්බර් මාසයට අදාළව නිකුත් කළ මෙම ලැයිස්තුවේ ඉන්දියාව 131 වන ස්ථානයෙහි රැදී සිටින අතර නේපාලය හා පාකිස්තානය පිළිවෙලින් 116 හා 117 වන ස්ථාන වලට පත්වී  තිබෙනවා


මෙම වාර්තා අනුව, ශ්‍රි ලංකාව average mobile data speed එක 19.95 Mbps ලෙස දැක්වෙන අතර ඉන්දියාවේ එම අගය 12.07 Mbps ලෙස සටහන් වෙයි. එමෙන්ම mobile data speed index එකට අනුව ශ්‍රි ලංකාව upload speed එක 10.01 Mbps ලෙස වාර්තා වන අතර ශ්‍රි ලංකාවේ Internet latency එක සටහන් වන්නේ 26 ms ලෙසයි.

මෙම තත්වය අනෙක් දකුණු ආසියාතික රටවල් හා සන්සන්දනය කිරීමේදී ඉතා හොද අගයක් වන අතර ශ්‍රි ලංකාව, දකුනු ආසියාවේ mobile data speed එක අතින් පළමු ස්ථානයට පත් වූ රට ද  වෙනවා.


121 Mbps අගයක් වාර්තා කරමින් දකුනු කොරියාව මෙම ලැයිස්තුවෙහි පළමු වන ස්ථානයට පත් වී තිබෙන අතර චීනය දෙවන ස්ථානයටත්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුන්වෙනි ස්ථානයට පත් වී තිබෙනවා.

ලොව දෙවන විශාලතම ජංගම දුරකථන වෙළදපල හිමි ඉන්දියාව තවමත් අනෙකුත් ආසියාතික රටවලට වඩා පිටුපසින් සිටීම කැපීපෙනෙන කරුණක් වන අතර ඉන්දීය mobile data සේවා සපයන්නන්ගේ මූල්‍යමය  තත්වය යහපත් නොවීම මෙන්ම විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමට සිදුවීම   මෙම තත්වයට හේතු වී ඇති බව වාර්තා වෙනවා.

සමස්තයක් ලෙස ගත් කල ලෝකයේම mobile data speed දත්තවල download speed එක 35.96 Mbps ලෙසත්, upload speed එක 11.22 Mbps වේගයක් ලෙසත් වාර්තා වන අතර internet latency එකෙහි සාමාන්‍යය අගය 40 ms ලෙස වාර්තා වෙනවා.  

         




Comments

Post a Comment

Popular Posts