Nokia දුරකථන පළමු ස්තානයට පත්වෙයි.

 Counterpoint සමික්ෂන ආයතනය නිකුත්කල Trust ranking ශ්‍රේණිගත කිරීම් අනුව Nokia දුරකථන පළමු ස්තානයට පත්වෙයි. 


Counterpoint සමීක්ෂණ ආයතනය විසින් 2020 වසරට අදාළ Trust ranking ශ්‍රේණිගත වාර්තව නිකුත් කර තිබෙන අතර  එයට අනුව  Nokia දුරකථන එහි පළමු ස්තානයට පත්වී ඇත.

Update speed, Hardware durability ආදි  Category  යටතේ මෙම සමික්ෂණය සිදු කර තිබෙන අතර, සියලුම Android වෙළද නාම අභිබවා මෙලෙස Nokia වෙළදනාමයපළමු තැනට පත්වී තිබෙනවා.

සුදුසුකම් ලත් Nokia දුරකථන සියල්ලම මේ වන විට Android 10 ධාවනය වන අතර ඒ අනුව සිය උපාන්ග සදහා 100% ක්ම ප්‍රධාන Android OS update ලබා දී  ඇති ප්‍රධානතමසමාගම  Nokia සමාගමයි.


Nokia ආයතනයට අමතරව මෙලෙස තම දුරකථන සදහා updates ලබා දී ඇති අනෙක් සමාගම වන්නේ OnePluse සමාගම වන නමුත් ඔවුන්ගේ devices ගණන 7ක් වන අතර, HMD globle සමාගමේ දුරකථන මාදිලි ගණන 20කි.

මාසිකව security patch updates ලබා දෙන එකම සමාගම බවටද පත්වී ඇත්තේ  Nokia සමාගම  වන අතර ඒ අනුව එම අගය ද  100% ක් වේ. මෙහි දෙවෙනි තැනටපත වී සිටින OnePluse සමාගම සිය උපාන්ග වලින් 90%ක් සදහා මාසිකව security patches ලබාදීම සිදු කරන බව counterpoint වාර්තාව පෙන්වා දෙනවා.

මෙහිදී Samsung සමාගම මාසිකව Security patch update ලබාදිම අවම අගයක පැවතියත් Quarterly එනම් කාර්තුමය වශයෙන් Security patch update ලබාදීම අතින් ඉදිරියෙන් සිටින බව මෙම වාර්තා මගින්  පැහැදිලි වෙනවා.


එමෙන්ම දුරකථන වල Durability එක හා Build quality එක අතින්ද Nokia දුරකථන ඉදිරියෙන් සිටින බව counterpoint වාර්තාව පෙන්වා දෙන අතර මෙම පරීක්ෂණ Robustness, Force measurement, Drop and impact, Fatigue, Wear and scratch, Thermal tests, Moisture and liquid test ආදී කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කරතිබෙනවා.


Counterpoint ආයතනය සිදු කල මෙම සමීක්ෂණය සදහා Samsung, Nokia, OnePluse, Xiaomi, Huawei, Oppo ඇතුළු දුරකථන වෙළදනාම 11ක් පදනම් කරගෙන සිදුකර තිබෙන 
අතර, ඒ අනුව ඒ සෑම වෙළදනාමයක්ම අභිබවා පළමු ස්ථානය ලබා ගැනීමට Nokiaවෙළදනාමය  සමත් වී  ඇත.

Comments

Popular Posts