Skip to main content

Posts

Featured

ගෝලීය Speedtest Index හි Mobile Data Speed එකෙන් ශ්‍රි ලංකාව 102 ස්ථානයට.

 ගෝලීය Speedtest Index හි Mobile Data Speed එකෙන් ශ්‍රි ලංකාව 102 ස්ථානයට . සුප්‍රසිද්ධ Ookla සමාගමේ වාර්තා අනුව, 2020 සැප්තැම්බර් මාසය වන විට ලොව mobile data speed ලැයිස්තුවේ 102 වන ස්තානයට ශ්‍රි ලංකාව පත්වී ඇති අතර, මීට පෙර එය 101 වැනි ස්ථානයෙහි රැදී තිබුණි. එමෙන්ම අසල්වාසි ඉන්දියාව 2019 වසරේ mobile data speed ලැයිස්තුවේ රැදී  සිටි ස්ථානයට වඩා ස්ථාන දෙකක් පහලට වැටී තිබෙනවා. එනම් 2020 සැප්තැම්බර් මාසයට අදාළව නිකුත් කළ මෙම ලැයිස්තුවේ ඉන්දියාව 131 වන ස්ථානයෙහි රැදී සිටින අතර නේපාලය හා පාකිස්තානය පිළිවෙලින් 116 හා 117 වන ස්ථාන වලට පත්වී  තිබෙනවා මෙම වාර්තා අනුව, ශ්‍රි ලංකාව average mobile data speed එක 19.95 Mbps ලෙස දැක්වෙන අතර ඉන්දියාවේ එම අගය 12.07 Mbps ලෙස සටහන් වෙයි. එමෙන්ම mobile data speed index එකට අනුව ශ්‍රි ලංකාව upload speed එක 10.01 Mbps ලෙස වාර්තා වන අතර ශ්‍රි ලංකාවේ Internet latency එක සටහන් වන්නේ 26 ms ලෙසයි. මෙම තත්වය අනෙක් දකුණු ආසියාතික රටවල් හා සන්සන්දනය කිරීමේදී ඉතා හොද අගයක් වන අතර ශ්‍රි ලංකාව, දකුනු ආසියාවේ mobile data speed එක අතින් පළමු ස්ථානයට පත් වූ රට ද  වෙනවා.

Latest Posts

Nokia දුරකථන පළමු ස්තානයට පත්වෙයි.

Adobe Photoshop 195 error fix